MirigamaCity.lk වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. ඔබ මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම මගින් පහත නියමයන් සහ කොන්දේසි වලට එකඟ වේ.
MirigamaCity.lk යනු මීරිගම නගරයේ ව්‍යාපාර, ප්‍රවාහන, සංචාරක ස්ථාන සහ පොදු සේවාවන් පිළිබඳ තොරතුරු ලබාදෙන ඩිජිටල් වේදිකාවකි. නීති විරෝධී, අසත්‍ය හෝ නොමඟ යවන සුළු තොරතුරු ඇතුළත් කිරීම සප්රමාණව තහනම් වේ.
ව්‍යාපාර හිමිකරුවන් විසින් ඇතුළත් කරනු ලබන තොරතුරුවල (දුරකථන අංක, ලිපිනයන්, ඡායාරූප) නිරවද්‍යතාවය පිළිබඳව ඔවුන් පෞද්ගලිකව වගකිව යුතුය. අසත්‍ය තොරතුරු ඇතුළත් දැන්වීම් පූර්ව දැනුම්දීමකින් තොරව ඉවත් කිරීමට MirigamaCity.lk පරිපාලනයට පූර්ණ අයිතිය ඇත.
වෙබ් අඩවියේ පළවන බස්/දුම්රිය කාලසටහන් හෝ වෙනත් ව්‍යාපාරික තොරතුරුවල සිදුවන ක්ෂණික වෙනස්වීම් නිසා සිදුවන අපහසුතාවයන් සඳහා MirigamaCity.lk වගකීම් නොදරයි. සේවාවක් ලබාගැනීමට පෙර අදාළ ආයතනයෙන් තොරතුරු තහවුරු කරගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඕනෑම අවස්ථාවක මෙම කොන්දේසි යාවත්කාලීන කිරීමේ අයිතිය MirigamaCity.lk සතු වේ.
ඔබට මෙම නියමයන් පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් අපගේ සහායක කණ්ඩායම හා සම්බන්ධ වන්න.